2022 IPL වෙන්දේසියේදී ශ්‍රී ලංකා දඟ පන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංග ඉන්දීය රුපියල් ලක්ෂ 1075 කට අලෙවි වී තිබේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් සහ පන්ජාබ් කිංග්ස් යන කණ්ඩායම් දෙකම වනිඳු හසරංග වෙනුවෙන් ලංසු තැබීමේ සටනක යෙදී සිටියදී වෛද්‍ය හදිසි අවශ්‍යතාවයක් හේතුවෙන් ලංසුව අතරමග නතර විය.
නමුත් නැවතත් ලංසු තැබීම ආරම්භ වූ පසු රෝයල් චැලෙන්ජර්ස් ලෝක අංක 1 T20 දඟ පන්දු යවන්නා තෝරා ගත්තේය.
වනිඳු හසරංග දැන් IPL 2022 මෙගා වෙන්දේසියේදී ඉන්දීය රුපියල් කෝටි 10 ඉක්මවා ගිය පළමු විදේශීය ක්‍රීඩකයා බවට පත්ව ඇත.