සියලු පාසල් සඳහා 2022 වසරේ පළමු පාසල් වාරය අප්‍රේල් 18 වැනිදා ආරම්භ කෙරෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය චක්‍රලේඛයක් නිකුත් කරමින් දැනුම් දෙයි.
ඒ අනුව, 2021 වර්ෂයේ තෙවැනි පාසල් වාරය 2022 අප්‍රේල් මස 8 වැනිදා අවසන් වේ.
2021 වසරේ නත්තල වෙනුවෙන් සියලු පාසල් සඳහා දෙසැම්බර් 23 වැනි දින නිවාඩු ලබා දී තිබේ. එම නිවාඩුවෙන් පසු දෙසැම්බර් 27 වැනි දින යළි පාසල් ආරම්භ කෙරේ. අ.පො.ස. උසස් පෙළ විභාගය පැවැත්වීම සඳහා 2022 පෙබරවාරි 3 වැනිදා සියලු පාසල් සඳහා නිවාඩු හිමිවේ. එහෙත් මෙම විභාගය පැවැත්වීමේදී ප්‍රාථමික ශ්‍රේණි සඳහා නිවාඩු ලබා නොදීමට තීරණය කර ඇත. උසස් පෙළ විභාගයෙන් පසු මා ර් තු 07 වැනිදා පාසල් යළි ආරම්භ කෙරේ. අප්‍රේල් 9 වැනිදා සිට අප්‍රේල් 17 වැනිදා තෙක් සිංහල හා හින්දු අලුත් අවුරුද්ද වෙනුවෙන් පාසල් සඳහා නිවාඩු හිමිවේ. රාමසාන් උත්සවය වෙනුවෙන් මුස්ලිම් පාසල් සඳහා අප්‍රේල් 01 වැනිදා සිට මැයි 03 වැනිදා තෙක් නිවාඩු ලබා දෙන අතර, එම පාසල් මැයි 04 වැනිදා යළි ආරම්භ කෙරේ. 2021 අ.පො.ස. සාමාන්‍ය පෙළ සිසු සිසුවියන්ගේ අධ්‍යයන ව ර් ෂ ය 2022 අප්‍රේල් 18 දිනෙන් අවසන් වේ. එසේ වුවද එම සිසු සිසුවියන් සඳහා සම්මන්ත්‍රණ හෝ වෙනත් විකල්ප ක්‍රම මඟින් වැඩි දුරටත් විෂය කරුණු ඉගැන්වීම හෝ පුනරීක්ෂණ පැවැත්වීම සඳහා කටයුතු කළ යුතු බවත් අදාළ චක්‍රලේඛයේ සඳහන්ය. එසේම, 2022 වර්ෂයේ පාසල් වාර සටහන ඉදිරියේදී නිකුත් කිරීමට නියමිතය.