2021 ලෝක විවාහක රූ රැජින තරඟය පැවැත්වීමේ අවස්ථාව ශ්‍රී ලංකාවට අහිමි වේ

ශ්‍රී ලංකාවේ පැවැත්වීමට නියමිතව තිබූ 2021 ලෝක විවාහක රූ රැජින තේරීමේ තරඟය, අමෙරිකාවේ ලාස් වේගාස් නගරයේ දී එළඹෙන ජනවාරි මාසයේදී පැවැත්වීමට තීරණය කළ බව එහි සංවිධායකයෝ පවසති.

ඒ අනුව එම තරඟය 2022 ජනවාරි 15 වැනිදා අමෙරිකාවේ ලාස් වේගාස් හි පැවැත්වේ.

මේ වනවිට ශ්‍රී ලංකාවේ ඇති කොවිඩ් තත්ත්වය හේතුවෙන් එම තීරණය ගත් බව සංවිධායකයින් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *