2021 අයවැය තෙවැනි වර කියවීමේ ඡන්ද විමසුම අද පස්වරුවේ

අගමැති මහින්ද රාජපක්ෂ පසුගිය නොවැම්බර් 17 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ අයවැය වාර්තාවට අදාළ අයවැය තුන්වැනි වර කියවීමේ ඡන්ද විමසීම අද (10) පස්වරු 5.00 ට සිදු කෙරේ. ඉකුත් නොවැම්බර් 17 වැනිදි අයවැය වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමේන අනතුරුව ඊට පසුදා (18) සිට 21 වැනිදා දක්වා අයවැය දෙවැනිවර කියැවීමේ විවාදය පැවැත්විණි.

ඉන් අනතුරුව දෙවැනිවර කියැවීමේ ඡන්ද විමසීමේදී අයවැය වැඩි ඡන්ද 99 කින් සම්මත වූ අතර, අමාත්‍යාංශ වැය ශීර්ෂ පිළිබඳ විවාදය නොවැම්බර් 23 වැනිදා ආරම්භ කළේය. එම විවාදය මුදල් අමාත්‍යාංශයේ වැය ශීර්ෂය විවාද කිරීමත් සමගම අවසන්වන අතර ඡන්ද විමසීම සිදු කෙරෙන්නේ ඉන් අනතුරුවයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *