මරණ දණ්ඩනය නියම වී සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර මහතා ඇතුළු විත්තිකරුවන් ගොනුකර ඇති අභියාචනා විභාග කිරීම සඳහා අභියාචනාධිකරණය දින නියම කර තිබේ.
අදාළ අභියාචනා සැප්තැම්බර් මස 7 වන දා විභාගයට ගැනීමට අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල නියම කර ඇත.
එහිදි නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා මේ සම්බන්ධයෙන් කරුණු දැක්වීම සඳහා තමන්ට කල්ලබාදෙන ඉල්ලීමක් කර තිබේ.
2015 වති සමයේ එවක පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන මහතාගේ දේශපාලන රැස්වීම් වේදිකාවකට පහරදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීමේ චෝදනාවකට වරදකරු කෙරුණු පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමලාල් ජයසේකර, ඇතුළු තිදෙනෙකුට රත්නපුර මහාධිකරණය විසින් පසුගිය වසරේ ජූලි මස 31 වනදා මරණ දඬුවම නියම කළේය.
තමන්ට දඩුවම් නියම කර ඇති ආකාරය නීතියට පටහැනි බවත් තමන්ව එම චෝදනාවලින් නිදොස් කොට නිදහස් කරන ලෙසත් ඉල්ලමින් ඔවුන් එම අභියාචනා ඉදිරිපත් කර තිබේ.