නත්තල් හා නව අවුරුදු වෙනුවෙන් රජය විසින් සියලුම පවුල් සදහා සහන පොළියකට ණයක් දීමට තීරණය කර ඇත.
මසකට රුපියල් 50,000ට වැඩි ආදායමක් ඇති ආදායම් ලාඹීන්ට රුපියල් 50,000ක ණයක් ගැනීමට හැකි අතර මාසික වැටුප හෝ ආදායම රුපියල් 25,000 සහ 50,000 අතර පිරිසට රුපියල් 25,000ක ණයක් සැපයේ.
යම් හෙයකින් ආදායම රුපියල් 25,000ට අඩු නම් රුපියල් 10,000ක ණයක් ලබා ගත හැක.
ණය ලබා දෙන බැංකු අතර ලංකා බැංකුව, මහජන බැංකුව, ජාතික ඉතිරි කිරීමේ බැංකුව, ප්‍රාදේශීය සංවර්ධන බැංකුව සහ සමෘද්ධි බැංකුව මගින් අවශ්‍ය ණය ලබා ගත හැක.
මෙම ණය පහසුකම් ලබා ගැනීමට රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සේවකයන් සිය ප්‍රධානීන්ට ඒ බව දැනුම් දිය යුතුය.
ඉන්පසු ආයතන ප්‍රධානියා විසින් තම සේවකයන්ගේ සහතික කළ නාම ලේඛනය රාජ්‍ය බැංකුව වෙත ඉදිරිපත් කළ විට එකී සේවකයන්ගේ ගිණුම්වලට නියමිත මුදල නොපමාව බැර කරනු ලැබේ.
මෙම ණය මුදල මාස 10ක් ඇතුළත ගෙවා නිම කළ යුතුය. අය කෙරෙන මාසික පොලිය සියයට 0.625 කි.
රජයේ විශ්රාමලාභීන්ට සහ සමෘද්ධිලාභීන්ට මෙම ණය සම්පාදනය කිරීම විශ්‍රාම වැටුප් දෙපාර්තමේන්තුවට සහ සමෘද්ධි බැංකුවට පැවරේ.
ත්‍රීරෝද, පාසල් වෑන් සහ බස් රථ හිමියන්ට සහ පෞද්ගලික බස් රථ සේවකයන් වැනි ව්‍යාපාරිකයන්ට හා ශ්‍රමිකයන්ට සිය බැංකු ගිණුම පවත්වාගෙන යන රාජ්‍ය බැංකුවට ජාතික හැඳුනුම්පත ඉදිරිපත් කොට සහන ණය මුදල ඉල්ලුම් කිරීමට පිළිවන.