කොවිඩ් 19 වෙනුවෙන් දේශීයව සොයාගත් ප්‍රතිකාර ක්‍රම හා ඖෂධ අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ නිර්දේශිත දේශීය වෙදකමක්, ආචාර්ය හර්ෂ සුබසිංහ මහතාගේ සහ ඉන්දික ජාගොඩ මහතාගේ මුලිකත්වයෙන් සැකසූ කොවිඩ් සදහා විශේෂිත වූ දේශීය ප්‍රතිකාර ක්‍රමයද කෑගල්ලේ ධම්මික බණ්ඩාර වෙද මහතාගේ ඖෂධ පැණිය වැඩිදුරටත් විද්‍යානුකූල පරීක්ෂණයකින් තහවුරු කිරීම කඩිනම් කරන ලෙස අග්‍රාමාත්‍යතුමා ජාතික පර්යේෂණ සභාවට දැනුම්දී ඇත.
මෙම පරීක්ෂණ රජරට විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්යවරුන්ගේ මැදිහත්වීමෙන් ඉදිරිපත් කෙරන අතර ඒ පිළිබඳව පර්යේෂණ සඳහා මෙරට සියලුම වෛද්‍ය විද්‍යාල නියෝජනය වන පරිදි කායික විද්‍යාව පිළිබඳ විශේෂඥ දැනුම සපිරි ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරුන් පස් දෙනෙකු සහ ජාතික පර්යේෂණ සභාව වෙනුවෙන් ජාතික පර්යේෂණ සභාවේ සභාපති ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්ය හේමන්ත දොඩම්පහල යන මහත්වරු යොදවා ඇත.
මේ අතර මහින්ද රාජපක්ෂ මහතා විසින් ලෝකයේ කොවිඩ්-19 සම්බන්ධයෙන් සොයාගත් එන්නත් වර්ග පිළිබඳ වාර්තාවක් සපයන්න යැයි මෙයට පෙර ජාතික පර්යේෂණ සභාවට දැනුම් දී තිබුනු අතර එම වාර්තාවෙන් මෙතෙක් සොයාගෙන ඇති විශිෂ්ටතම එන්නත් වර්ග තුන සම්බන්ධ සී.ඩී.ඒ. වාර්තාව සෞඛ්‍ය ඇමැතිනි පවිත්‍රා වන්නිආරච්චි වෙත භාර දී තිබේ