18ට වැඩි පිරිස එන්නත්කරණය ලබන නොවැම්බර් මාසයේ සිදු වන ලකුණු

ලබන නොවැම්බර් මස අවසානයට පෙර මෙරට වයස අවුරුදු 18ට වැඩි සියලුදෙනා පූර්ණ එන්නත්කරණයට ලක්කිරීමට හැකිවනු ඇති බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

සැප්තැම්බර් මාසය මැදභාගය වනවිට වයස අවුරුදු 30 ට වැඩි සියලු පුරවැසියන්ගේ එන්නත්කරණය අවසන් කිරීමට සැලසුම් කර ඇති බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අද පෙරවරුවේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැවති හමුවකදී අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ඒ බව පැවසීය.

මෙරට පුරවැසියන් පූර්ණ එන්නත්කරණයකින් පසුව තුන්වන එන්නතක් ලබාදීම පිළිබඳව ද අවධානය යොමු කරන බව සෞඛ්‍ය අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *