එලැඹෙන පස්වැනිදා වන විට විදුලිය කප්පාදුව නතර කිරීමට හැකි වනු ඇති බව මුදල් ඇමැති බැසිල් රාජපක්ෂ කැබිනට් මණ්ඩලයට ඊයේ දන්වා ඇත.
මාර්තු මාසය අවසන් වන විට ප්‍රවාහන අර්බුදයද අවසන්ය යථා තත්ත්වයට පත්වනු ඇතැයිද ඔහු විශ්වාය පල කර ඇත.
දුම්රිය හා බස් රථ සඳහා ඉන්ධන ලබාදීම ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් ඉවත් කර ප්‍රවාහන අමාත්‍යාංශයට භාරදීමේ යෝජනාවක්ද ඉදිරිපත් කර ඇත.
ධීවරයන්ට භූමි තෙල් සහනාධාරය අඛණ්ඩව ලබා දීම හෝ දිරි දීමනාවක් ලබාදීම සම්බන්ධයෙන්ද ඇමැති මණ්ඩලයේදී සාකච්චා වී ඇත.