ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීමට ලෝකයේම එකඟත්වය

ගෝලීය කාලගුණ විපර්යාස සම්බන්ධ COP28 සමුළුව ඩුබායි හිදී අවසන් වුණි.

ඒ ෆොසිල ඉන්ධන දහනයෙන් ඉවත්වීම සම්බන්ධයෙන් රටවල් 200කට වැඩි සංඛ්‍යාවක් පොදු එකඟතාවක් පළකිරීම හේතුවෙනි.

එමෙන්ම ඒ වෙනුවට විකල්ප බලශක්ති ක්‍රමවේද භාවිතය සඳහා යොමුවීමටත් මෙහිදී එකඟතාව පළවී තිබුණි.

කෙසේ නමුත් බොහෝ පාර්ශ්ව ඉල්ලා සිටි පරිදි ෆොසිල ඉන්ධන භාවිතය තුරන් කිරීම සඳහා එකඟතාවක් පළවූයේ නැහැ.

මෙවර සමුළුවේ දී වැඩිම අවධානයක් යොමුවූයේ ගෝලීය උණුසුම ඉහළයාම කෙරෙහි උපරිම දායකත්වයක් දක්වන ෆොසිල ඉන්ධන දහනය තුරන් කිරීම සම්බන්ධයෙනි.

2050 වසර වන විට ගෝලීය හරිතාගාර වායු විමෝචනය ශුන්‍ය කිරීම මෙහි අරමුණයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *