ෆොන්සේකා ගැන සජිත් කළ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා සමගි ජන බලවේගය තුළ දරන තනතුරුවලින් ඒ මහතා ඉවත් කිරීම වළක්වාලමින් පනවා තිබෙන වාරණ නියෝගය විසුරුවා හරින ලෙස සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු පිරිසක් කළ ඉල්ලීමක් කොළඹ දිසා අධිකරණය ප්‍රතික්ෂේප කළේය.

ඒ අනුව අදාළ වාරණ නියෝගය අප්‍රේල් මස 02 වනදා දක්වා දීර්ඝ කිරීමටත් අධිකරණය නියම කර තිබේ.

සරත් ෆොන්සේකා මහතා විසින් ගොනුකළ පැමිණිල්ලක් සලකාබැලූ කොළඹ දිසා අධිකරණය ඉකුත්දා මෙම වාරණ නියෝගය නිකුත් කර තිබුණි.

එම වාරණ නියෝගය නිකුත් කර තිබෙන ආකාරය දෝෂ සහිත බවත් එබැවින් එය ඉවත් කරන ලෙසත් ඉල්ලා අදාළ පැමිණිල්ලේ වගඋත්තරකරුවන් වශයෙන් නම්කර සිටින සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස, මහලේකම් රංජිත් මද්දුමබණ්ඩාර ඇතුළු පිරිසක් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුව කරුණු දැක්වීය.

එහෙත් සරත් ෆොන්සේකා මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් කියා සිටියේ අදාළ වාරණ නියෝගය තවදුරටත් දීර්ඝ කරන ලෙසය.

ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම නියෝගය නිකුත් කෙරුණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *