ෆාමසි ගැටලු සෙවූ කමිටු වාර්තාව සුව ඇමතිට

මෙරට පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වල (ෆාමසි) ඖෂධවේදීන්ගේ හිඟය ඇතුළු පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා වලට වර්තමානයේ මුහුණ දීමට සිදු වී ඇති ගැටළු රාශියකට  විසඳුම් සෙවීම සදහා පත් කරන ලද පංච පුද්ගල කමිටුවේ  වාර්තාව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා වෙත සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී බාර දුන්නේය.

එම කමිටුවේ  සභාපති මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා ප්‍රමුඛ කමිටු නියෝජිතයෝ මීට සහභාගී වූහ.

පෞද්ගලික අංශයේ ඖෂධ ශාලා සඳහා ඖෂධවේදී කාර්ය මණ්ඩලයේ හිඟයක් මෙන් ම එම ක්ෂේත්‍රයේ ඍජුව බලපානු ලබන ගැටළු රාශියක් පවතින බවට සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාට කරුණු වාර්තා වීමත් සමග ඒ ගැන සොයා බලා  සුදුසු නිර්දේශ සහිත වාර්තාවත් ලබාදෙන ලෙසට අමාත්‍යවරයා සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතාට උපදෙස් ලබා දී තිබිණි.

ඒ අනූව අමාත්‍යාංශ ලේකම්වරයා විසින් මෙම පංච පුද්ගල විශේෂ කමිටුවක් පත් කෙරිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *