ෆයිසර් එන්නත ලැබෙන අය

කොළඹ 01 සිට 15 දක්වා වූ ප්‍රදේශවල සිටින අවුරුදු 55ට වැඩි ඇස්ට්‍රාසෙනෙකා පළමු මාත්‍රාව ගත් පුද්ගලයින්ට දෙවන මාත්‍රාව ලෙස ෆයිසර් එන්නත් ලබාදීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඊයේ මෙරටට ලැබුණු ෆයිසර් කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා 26,000 හෙට සිට එම පිරිස් සඳහා එන්නත්කරණ අරඹන බව යුද හමුදාපති, ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.

අදාළ පුද්ගලයින් සඳහා එන්නත්කරණය සිදුකරන දිනය, වේලාව සහ ස්ථානය කෙටි පණිවුඩයකින් දැනුම්දීමට නියමිතය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *