ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට

කොවිඩ් මර්දන සඳහා වන තවත් ෆයිසර් එන්නත් මාත්‍රා තොගයක් මෙරටට රැගෙනවිත් තිබේ.

අද අලුයම 02.15 ට පමණ එන්නත් මාත්‍රා ලක්ෂයක තොගයක් කටුනායක ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ බව “අද දෙරණ” ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේය.

කටාර් ගුවන් සේවයට අයත්  කිව්.ආර් – 668 දරන ගුවන් යානයෙන් එන්නත් තොගය මෙරටට රැගෙන විත් තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *