දරුවන් වෙනුවෙන් හොඳ අනාගතයක් නිර්මාණය කිරීමට වර්තමානයේදී කැප කිරීම් කරමු යැයි ජනපති අනුර කුමාර දිසානායක මහතා ජතික ජන බලවේගයේ මැයි දින රැළිය ගෝල්‍ෆේස් පිටියේදී එක්වෙමින් පැවැසීය.
“අපි දීර්ඝ කාලයක් මැයි දිනය සමරලා තිබෙනවා. ඒ හැම මැයි දිනයකම අපි බලය ලබා ගැනීම වෙනුවෙන් ජනතාව පෙළගැස්සවීමයි කළේ. අපි පළමු වතාවට බලය අත්පත් කරගෙන මේ රට ගොඩනැගීම සඳහා ජනතාව පෙළබවන මහා ජන රැළිය පවත්වනවා.
පරම්පරා ගණනාවක් ඉදිරියට මේ රටේ බලය ලබා ගැනීම වෙනුවෙන් එලලා තිබුණ සිතියම අකුලා දැමීමට පසුගිය සැප්තැම්බර් මාසයේදී ජනතාව සමත්වුණා. බලය අහිමිවීමේ අපේක්ෂාභංගත්වයේ අදෝනාව අපිට අහන්න ලැබෙනවා.
අද පොදුනිතියට යටත් වෙලා තිබෙනවා. නීතිය ක්‍රියාත්මක වෙනවා. වරප්‍රසාද අහිමි වී තිබෙනවා. දැන් දුකක් ඇති වෙලා තිබෙනවා.
අනිත් පැත්තෙන් තිබෙන්නේ වේදනාවේ අඳෝනාව. ඒ අය දන්නවා අපරාධ කරපු ප්‍රමාණය. ඒ අය දන්නවා වංචා කරපු ප්‍රමාණයඅපි දන්නවට වඩා. ඒ වගේම ඒ අය දන්නවා අපි කවුද කියලා. ඒ නිසා භීතියේ අඳෝනාව තිබෙනවා. තවදුරටත් දේශපාලන ව්‍යාපාර නෑ. ඒවා වැයි බයිලා.
අද තියෙන්නේ සුන් බුන් ගොඩක එකතුවක්. ප්‍රශ්න තියෙන්නේ අපි ගාව. එක රැයින් ප්‍රථිපල බලාපොරොත්තු වන අයට නීතිය සැම දෙනාටම පොදු නීතියක් ක්‍රියාත්මක වෙනවා. හූණු බිකටත් පොර බඳින කාලය අවසන් කරන්න කියලා වෘත්තිය සමිතිවලට ආරාධනා කරමු. සියල්ලන්ම පොර බදිමු අපිට වඩා හොඳ අනාගතයක්
අපේ දරුවන්ට ලබා දෙන්න.”