හෙරොයින් ජාවාරම්කරුට ජීවිතාන්තය දක්වා සිරදඬුවම්

හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06කට ආසන්න ප්‍රමාණයක් සන්තකයේ තබාගැනීම සහ ජාවාරම් කිරීමේ චෝදනාවන්ට වරදකරු කෙරුණු පුද්ගලයෙකුට කොළඹ මහාධිකරණය විසින් ජීවිතාන්තය දක්වා සිරදඬුවම් නියම කළේය.

කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳිගේ මහතා විසින් තීන්දුව ලබා දුන්නේය.

මෙසේ දඩුවම් නියම වූයේ සුදත් ප්‍රසන්න නමැති විත්තිකරුවෙකුට ය.

2018 වසරේ ග්‍රෑන්ඩ්පාස්, ඛෙත්තාරාම ප්‍රදේශයේ සිදුකළ වැටලීමකදී හෙරොයින් ග්‍රෑම් 5.9 ක් සමග පොලීසිය විසින් මෙම විත්තිකරු අත්අඩංගුවට ගෙන තිබුණි.

පසුව ඔහුට එරෙහිව නීතිපතිවරයා විසින් කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරන ලදි.

දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව තීන්දුව ප්‍රකාශයට පත්කළ විනිසුරුවරයා සඳහන් කළේ මෙම විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් එල්ලකර තිබූ චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී ඇති බවය.

ඒ අනුව ඔහුට මෙම දඩුවම් නියම කරන බවත් විනිසුරුවරයා සඳහන් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *