හෙද වර්ජනයට එරෙහිව අධිකරණ නියෝගයක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබෙනවා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව නීතිපතිවරයා විසින් අද (17) නඩු පවරනු ලැබුවා.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වෘත්තීය ක්‍රියාමාර්ගය වහා අත්හිටුවන ලෙස නීතිපතිවරයා අධිකරණයෙන් ඒකාබද්ධ නියෝගයක් ඉල්ලා තිබුණි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගී සත්කාරවලට දැඩි බලපෑම් එල්ලවීම හේතුවෙන් රෝහල්වල පවතින කණගාටුදායක තත්ත්වය පිළිබඳව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුවයි මෙම වාරණ නියෝගය ඉල්ලා ඇත්තේ.

එමගින් රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වන බැවින් වෘත්තීය සමිති එකමුතුව ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු අරුණ අලුත්ගේ මහතා වාරණ නියෝග දෙකක් නිකුත් කළේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *