හිරකැටිය වෙරළ සංචාරකයින්ගෙන් පිරිලා

මෙරට සංචාරය කිරීමේදී තම වැසියන් සැළකිලිමත් විය යුතු බවට රටවල් කිහිපයක් අවවාදාත්මක නිවේදන නිකුත් කළද දකුණු පළාතේ සංචාරක ආකර්ශනයට ලක්ව ඇති නිල්වැල්ල හිරිකැටිය වෙරළ තීරය මේ දිනවල විදේශීය සංචාරකයින් ගෙන් පිරී පවතී.

විදේශීය සංචාරකයින්  දියමත ලිස්සා යාමේ ක්‍රීඩාවේ යෙදෙන අයුරුද හිරු රශ්මිය විදීමට පැමිණ සිටින අයුරුද දැකගැනීමට හැකි වූහ.

බොහෝ විදේශීය සංචාරකයින් පැවසුවේ රට තුළ පවතින ආරක්ෂක තත්වය පිළිබදව තමන් සෑහීමකට පත්වන බවයි. එමෙන්ම නිදහසසේ  සංචාරය කළ හැකි රටක් ලෙස තමන්ට  ශ්‍රී ලංකාව හදුන්වා දිය හැකි බවද ඔවුහු පැවසූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *