ශ්‍රී ලංකා නාවික හමුදාවේ 14 වැනි නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කළ, දයා සඳගිරි මහතා ඊයේ (07) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වී සමඟි ජනබලවේගය හා එක් වී තිබේ.
සමුද්‍රීය හා නාවික ක්ෂේත්‍රය සම්බන්ධයෙන් එතුමාට ඇති හසළ දැනුම හා පළපුරුද්ද නිසා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විසින් ඒ මහතාව සමඟි ජනබලවේගයේ සමුද්‍රීය හා නාවික ප්‍රතිපත්ති පිළිබඳ උපදේශකවරයකු ලෙස පත් කිරීමට පියවර ගත් බව සජබ මාධ්‍ය අංශය සඳහන් කළේය.
2001 ජනවාරි මස 1 වැනි දා සිට ශ්‍රී ලංකා නාවික හමුදාපතිවරයා ලෙස කටයුතු කර ඇති දයා සඳගිරි මහතා වසර 53ක නාවික හමුදා ඉතිහාසයේ වඩාත් පළපුරුදුම නාවික හමුදාපතිවරයා ලෙස ද ඔහු ඉතිහාසගත වේ.
වයිස් අද්මිරාල් දයා සඳගිරි මහතා නාවික හමුදාපතිවරයා ලෙස පත්වීමෙන් අනතුරුව වසර හතරකුත් මාස අටක් එම තනතුරේ කටයුතු කළේය. විශ්‍රාම ගැනීමෙන් පසු ඔහු 2005 සැප්තැම්බර් 1 වැනි දින අද්මිරාල් නිලය සහිත ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානියා ලෙස පත් කරන ලදී. 2015 නොවැම්බර් 9 වැනි දින ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිවුවැනි කුලපතිවරයා බවට පත් විය.