හිටපු තවත් ඇමැතිවරයෙක් කරපු සෙල්ලමක් පාර්ලිමේන්තුවේදී එළියට

හිටපු ඉඩම් නියෝජ්‍ය අමාත්‍ය සාලින්ද දිසානායක මහතා ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවට අයත් අක්කර 76 ක ගොඩමඩ ඉඩමක් 2000 වර්ෂයේදී කෘෂිකර්ම අමාත්‍යාංශයට පවරා සිය බිරිඳ සභාපති ධූරය දැරූ හිරියාල ගොවි සමාගමට බදු දී ඇතත් වසර 25ක් තිස්සේ එක සත පහක බදු මුදලක් රජයට ලැබී නොමැති බව ඉඩම් හා වාරිමාර්ග නියෝජ්‍ය අමාත්‍ය සුසිල් රණසිංහ මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (19) පැවසීය.

ඉඩම හිරියාල සමාගමට බදු දීමෙන් පසු තවත් පාර්ශව ගණනාවකට අතුරු බදු දී මුදල් උපයා ඇති බව කී නියෝජ්‍ය අමාත්‍යවරයා මෙම ඉඩමෙන් ආර්ථිකයට දායකත්වයක් ලැබී නැතිවා සේම රජයට අයවිය යුතු බදු මුදල් පවා ලැබී නැති බව සදහන් කළේය.

ඉඩම රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් ගැටලුවක් අැති හෙයින් මේ පිළිබඳව කමිටුවක් පත් කර කරැණු සොයා බලාගෙන යන බවද රණසිංහ මහතා පැවසීය.

ඉඩම් කොමසාරිස්වරයාගේ අනුමැතිය සහිතව ඉඩම ලංකා පුත්‍ර බැංකුවට උකසට තබා අැති නමුත් ඒ උකස් තියලා ගත්තු ණය පවා ගෙවා නැතැයි ඔහු සඳහන් කළේය.

ඊට පසු මෙම ඉඩම බැංකුවට සින්න වූ බවද හෙතෙම කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *