හිටපු ජනාධිපති මෛත්‍රි ප්‍රකාශය සම්බන්ධ වාර්තාවක් ඉල්ලයි

පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රකාශ සම්බන්ධ මූලික විමර්ශනවල ප්‍රගතිය ඇතුළත් වාර්තාවක් ජූලි 26 වැනි දා අධිකරණයට  ඉදිරිපත් කරන්නැයි මාලිගාකන්ද මහේස්ත්‍රාත් ලෝචනා අබේවික්‍රම මහත්මිය  අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

පාස්කු ප්‍රහාරයේ මහ මොලකරු තමන් දන්නා බවට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කළ ප්‍රකාශයක් සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා ඔහුගෙන් ප්‍රකාශයක් ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *