හිටපු ජන­පති ගෝඨා­භ­යගේ කෘතිය මල්වතු-අස්ගිරි මහ­නා­හි­මි­ව­රුන්ට

“ජනා­ධි­පති ධූර­යෙන් මා නෙර­පීමේ කුම­න්ත්‍ර­ණය”කෘතිය හිටපු ජන­පති ගෝඨා­භය රාජ­පක්ෂ මහතා විසින් ඊයේ (22) මල්වතු-අස්ගිරි මහ­නා­හි­මි­ව­රුන් දෙනම වෙත පිළි­ග­න්වනු ලැබීය.

ශ්‍රී දළදා මාලි­ගා­වට ගොස් දළදා සමි­ඳුන් වැඳ­පුදා ගැනී­මෙන් පසු ග්‍රන්ථයේ පිට­ප­තක් දිය­ව­ඩන නිල­මේ­ව­රයා වෙත ලබා­දුන් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා අන­තු­රුව මල්වතු මහා විහා­ර­යට ගොස් එම පාර්ශ්වයේ මහ­නා­යක අති­පූජ්‍ය තිබ්බ­ටු­වාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමං­ගල මහ­නා­හි­මි­යන් බැහැ­දැක ආශි­ර්වාද ලබා ගත්තේය. අස්ගිරි මහා විහා­ර­යට ගොස් එම පාර්ශ්වයේ මහ­නා­යක අති­පූජ්‍ය වර­කා­ගොඩ ශ්‍රී ඤාණ­ර­තන මහ­නා­හි­මි­යන් ද බැහැ­දැක ආශි­ර්වාද ලබා­ගත් ගෝඨා­භය රාජ­පක්ෂ මහතා උන්ව­හන්සේ සමඟ ද පෞද්ග­ලික සාක­ච්ඡා­වක ද නිරත විය.

හිටපු ජන­ප­ති­ව­රයා මල්වතු පාර්ශ්වයේ අනු­නා­හි­මි­වරු වන නියං­ගොඩ ශ්‍රී විජි­ත­සිරි හා දිඹු­ල්කු­ඹුරේ විම­ල­ධම්ම නාහි­මි­වරු දෙනම බැහැ­දැක ග්‍රන්ථයේ පිට­පත් පිළි­ගැ­න්වීය.පසුව ඒ මහතා අස්ගිරි පරි­වේ­ණා­ධි­පති නාරං­ප­නාවේ ආනන්ද නාහි­මි­යන් ද බැහැ දැක ආශි­ර්වාද ලබා ගත්තේය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *