“හිටපු ජනපතිවරුන්ගේ නිවාස ගැන යථා කාලයේ වැඩ සිද්ද වෙයි” – කැබිනට් ප්‍රකාශක

මහින්ද රාජපක්ෂ ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ නිවාස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ කතා යථා කාලයේදී ක්‍රියාත්මක වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

මහින්ද රාජපක්ෂ මහතාගේ නිවස සම්බන්ධයෙන් ආණ්ඩුව කියූ දේවල් ක්‍රියාත්මක වුණේ නැතැයි රජයේ කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව කීය.

” මහින්ද ඇතුළු හිටපු ජනාධිපතිවරුන්ගේ ගෙවල් සම්බන්ධයෙන් කිව්වා වගේම යථා කාලයේදී කෙරෙයි.කලාම එහෙම උනේ කොහොමද කියල ඕන්නම් මගෙන් අහන්න. මේ අපිට බාර දුන්නේ හොඳට තිබුන රටක් නෙමෙයිනේ. ඔය කලබල කරන්නේ වැඩේ කෙරෙන්න නෙමෙයි, නොකෙරෙන්න යනුවෙන්ද අමාත්‍යවරයා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *