හිටපු ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීම පිළිබඳව නිකුත් කර තිබූ අති විශේෂ ගැසට් නිවේදනය අවලංගු කරමින් හා එම කමිටු විසුරුවා හරිමින් වත්මන් ක්‍රීඩා හා යව්වන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් අති විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.
2023.09.25 දින මේ සම්බන්ධයෙන් රොෂාන් රණසිංහ මහතා නිකුත් කළ අති විශේෂ ගැසට් පත්‍රයෙන් ශ්‍රී ලංකාවේදී හෝ විදේශයකදී ක්‍රීඩා ක්ශේත්‍රය සම්බන්ධව ශ්‍රී ලංකාව නියෝජනය කරනු ලබන ඕනෑම කටයුත්තක් වෙනුවෙන් ජාත්‍යන්තර ක්‍රීඩා සංගම් හෝ සංවිධාන සම්බන්ධීකරණ කටයුතු ඉටුකිරීම අරමුණකරගෙන එක් එක් ක්‍රීඩාව සඳහා ඒ ඒ ක්‍රීඩාව සම්බන්ධ දැනුම සහිත එක් පුද්ගලයකුගෙන් හෝ කිහිප දෙනකුගෙන් සැඳුම්ලත් ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටුව යනුවෙන් හඳුන්වන කමිටු විෂය භාර ඇමති පත්කළ හැකිය යන නියෝගය පනවා තිබිණි.
එම නියමය ඇතුළත් ගැසට් පත්‍රය අවලංගු කරමින් 2024.01.29 දිනෙන් යුතුව වත්මන් ක්‍රීඩා අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා නිකුත් කර ඇති අති විශේෂ ගැසට් පත්‍රය අනුව එවැනි ජාත්‍යන්තර ක්‍රීඩා සම්බන්ධීකරණ කමිටු පිහිටුවීමට ක්‍රීඩා ඇමතිවරයාට ඇති බලය අහෝසි කිරීම මෙන්ම පිහිටුවා ඇති එවැනි කමිටුද විසුරුවා හැර ඇත.