හිටපු ඇමතිලා තුන්දෙනෙක් ඉදිරියේදී අත්අඩංගුවට

ලියාපදිංචි නොකළ වාහන පැද්ද හිටපු අමාත්‍යවරුන් තිදෙනෙක් ඉදිරියේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව ජනාධිපති අනුර දිසානායක මහතා බේරුවල ජන රැළියකදී පැවසීය.

මේ වන විටත් ලියාපදිංචි නොකළ වාහන පැද්ද හිටපු අමාත්‍යවරුන් තුන් දෙනෙක් අත්අඩංගුවට පත් වී තිබෙන බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

සියලු දෙනාට එකසේ නීතිය ඉටුවන රාජ්‍යයක් ගොඩනගා තිබෙන බව කී ජනාධිපතිවරයා එහි ප්‍රතිඵලයක් ලෙස මෙවැනි ක්‍රියාමාර්ග ගැනෙන බවද කීය.

” එදා මේ රටේ ධනය තිබෙන අයට එක නීතියකුත් දුප්පත් අයට තව නීතියකුත් තිබුණා.ගමේ කෙනෙක් මෝටර් සයිකලයක් රෙජිස්ටර් කරන්නෙ නැතුව පාරට දාන්නේ නෑ.හැබැයි මේ රටේ ඇමතිවරු වාහන ගේන්න තහනම් කාලෙත් වාහන ගෙනාපු යුගයක් තියෙනවා.ලයිෂන් කරන්නෙ නැතුව වාහන පදිනවා. බොරු අංක තහඩු දාල වාහන පදිනවා.ඒගොල්ලන්ට නීතිය ක්‍රියාත්මක වන්නේ නෑ කියලා ඒගොල්ලෝ හිතනවා.යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.

පළාත් පාලනය මැතිවරණයේදී ජාතික ජන බලවේගයේ ජය තහවුරු කිරීම සඳහා මෙම ජනරැළිය පැවැත්විණි

Leave a Reply

Your email address will not be published. Required fields are marked *