මෙරට ඉදිරිපෙළ ව්‍යාපාරිකයකු මෙන්ම කළක් මෙරට ධනවතුන් අතර පළමු ස්ථානයේ සිටි දේශමාන්‍ය හැරී ජයවර්ධන මහතා අභාවප්‍රාප්ත විය.
වසර කීපයක් රෝගීව සිටි ඒ මහතා මිය යන විට 82 වන වියේ පසු විය.
දොන් හැරල්ඩ් ස්ටැසන් ජයවර්ධන 1942 අගෝස්තු 17 වැනි දින ජාඇළ ප්‍රදේශයේදී උපත ලැබූ අතර 2008 වසරේදී ශ්‍රී ලංකාවේ ධනවත්ම පුද්ගලයා බවට පත්විය.
මෙරට ඩෙන්මාර්කයේ ගරු කොන්සල් ජනරාල්වරයෙකු ලෙස ද කටයුතු කළ ඒ මහතා ප්‍රසිද්ධ කර්මාන්තකරුවෙකු මෙන්නම ප්‍රබල ව්‍යාපරිකයෙකු ද විය.
ජයවර්ධන මහතා මිය යන විට මෙල්ස්ටාකෝප් පීඑල්සීහි සභාපතිවරයා ලෙස මෙන්ම ඩිස්ටිලරීස්, ශ්‍රී ලංකා පීඑල්සී, ලංකා බෙල් සහ එයිට්කන් ස්පෙන්ස් පීඑල්සී යන සමාගම්වල ද සභාපතිත්වය දැරීය.