හැප්පිලා බලන්න ඕන තරම් දේවල් ජනපතිතුමාට තියෙනවා

“ජනාධිපතුතමා කොයි වෙලාවෙත් කියන්නේ හැප්පිලා බලමු.හැප්පිලා බලන්න දැන් ගොඩක් දේවල් රටේ තියෙනවා.ඒවත් එක්ක හැප්පෙන්න කියන්න.අපිත් එක්ක හැපිලා වැඩක් නෑ අපි විපක්ෂයේ,මිනිස්සු අපි හප්පලා තමයි විපක්ෂයට තල්ලු කරලා දැම්මේ.අපිත් එක්ක හැප්පෙන්න එපා කියන්න ජනාධිපතිතුමාට, හැප්පෙන්න කියන්න සී.ජී.ආර් එකත් එක්ක ලංකා බැංකුවත් එක්ක, තැපෑල එක්ක, අන්න දැන් හැප්පෙන්න තැන් තියෙනවා ගොඩක්, ඒගොල්ලොත් එක්ක හැප්පෙන්න කියන්න.” යැයි හිටපු අමාත්‍ය, පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දිසානායක මහතා පැවසීය

අනුරාධපුරයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිිින් ඒ මහතා ‌‌‌ෙම් බව පැවසීය.

“මං පළමුවැනි දවසේම පොස්පේට් එකට ඇවිත් ඔය හොරකම අල්ලපු හින්දානේ 350 බුෂ් එක 70 000 යි කියලා මමනේ කිව්වේ, එතකොටනේ සේවකයෝ ගිහිල්ලා ඒ නිලධාරියාට පහර දීලා, අන්තිමට මමනේ වැඩ තහනම් කලේ, මොකද වුනේ මම වැඩ තහනම් කරලා දැන් ශ්‍රේෂ්ඨාධිකරණයේ මට විරුද්ධව නඩුවක් දාලා තියෙනවා.මට විරුද්ධව අත්තනගල්ල උසාවියේ වන්දි නඩුවක් දාලා තියෙනවා.ඉතින් අපි හොරු ඇල්ලුවනේ, මෙි ආණ්ඩුවට එක හොරෙක්වත් අල්ලන්න බැරි උනානේ, අපි ලස්සනට ආයතනයට ගිහිල්ලා හොරු අල්ලලා දීපු හින්දා තමයි පොස්පේට් එකේ දෙන්නෙකුගෙ මම වැඩ තහනම් කළා.

හැබැයි ඒ වැඩ තහනම් කරපු දෙන්නා තමයි මට විරුද්ධව වන්දි නඩු දාලා තියෙන්නේ, මම පොස්පේට් එක බාරගන්නකොට ඕඩි වෙලා තිබ්බේ, මම පටන් ගන්නකොට ලක්ෂයට එහා ගත්තා සේවකයෝ පඩි අද මුලු එප්පාවලම කියයිනේ, තඹුත්තේගම- එප්පාවල කියන්නේ වැඩි දුරක් නෙමෙයිනේ, ජනාධිපතිතුමාගේ ගමනේ පොස්පේට් එක තියෙන්නේ, පොස්පේට් එකේ මිනිස්සු ගෙනල්ලා අහන්නකෝ පඩි ගත්ත විදිහ, චාමර සම්පත් කරන කොට ඒ නිසා වැඩ බැරි ටාසන්ලත් එක්ක වැඩ කරන්න බෑ හැබැයි ලස්සනට මං දන්නවා පිළිවෙලට කරා ඒගොල්ලෝ විපක්ෂ ඉන්නකොට, දැන් ආණ්ඩුවට ඇවිල්ලා වැඩේ කරන්න තේරෙන්නේ නැතිකම තියෙන්නේ.

මේක ඇත්ත තත්වට තමයි සුද්දොන්ගේ කාලේ ඉදන් ලුණු අපේ රටේ ලුණු තිබ්බා, සුද්දොන්ගේ කාලේ විතරක් නෙමෙයි සුනාමි කාලෙත් මේ රටේ ලුණු නැති වුනේ නෑ, සුනාමියෙන් තමයි මේ රටේ ලුණු නැති වෙනවා නම් නැති වෙන්න තිබ්බේ,වහිනකොට ලුණු නෑ කියනවා, පායන කොට විදුලිය නෑ කියනවා, මේ ගොල්ල එක එක වචන දානවා මොනවා හරි, ඒ නිසා ලුණු නෑ කියලා කියන්න ලුණු නැති වුනේ නෑ අපේ කාලේ, දැන් කියනවා වැස්ස නිසා ලුණු නැති වුනේ කියලා,

වැස්ස අපේ කාලෙත් තිබ්බා, 1956 තමයි මේ රටේ ගංවතුර ඇති වෙන්න වැඩම වැහැලා තිබ්⁣බේ, 1956 ත් ලුණු තිබ්බා, ඒ නිසා නිදහසට කරුණු කියලා වැඩක් නෑ, අමාත්‍යංශ ගත්තේ කරනවා කියලානේ රටේ මිනිස්සුන්ට පොරොන්දු වුනේ කරන්නනේ, දැන් සීනී සමාගමට වෙච්ච දේ දන්නවානේ, පැල්වත්ත ඉවරයි, සෙවනගල ඉවරයි, ඇතිමලේ ඉවරයි, ඔහොම ඔහොම කර්මාන්ත ශාලා ටිකත් ඉවර වෙන කොට දේශිය සම්පත් නැති වෙන කොට දැන් මහ ලොකුවට කයිවාරු ගහනවා ලුණු ගෙනාවලු කඩවල් වල ලුණු තියෙනවාලු, ලුණු ඉතින් ඕන රටකින් ගෙනල්ලා බෙදන්න පුලුවන්,

එහෙම නම් මොකටද ආණ්ඩු,  ⁣එහෙනම්  හතරවැනි හරස්වීදියේ මුදලාලීලාට ආණ්ඩුව දුන්නා නම් ඒ ගොල්ල ගෙනෙයි ඕවා, ඔක්කොම ගෙනත් හතරවැනි හරස්වීදියේ මුදලාලිලා කරයි රට, ඒගොල්ල කිව්වේ එහෙමනේ හාල් රටින් ගේන්න ආණ්ඩු මොකටද කිව්වා,හාල්‍ රටින් ගෙනාවේ අපි  ලුණු ගෙනාවේ නෑ, ලුණු පොල්කට්ටට කෙළපු ආණ්ඩුව ලුණු ටිකත් පිරටින් ගේනවා මොකක්ද අප්පා තවත් මෙි යැයි පැවසීය .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *