සමගි ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දැඩි ප්රචාරක කටයුතු කළ නමුත් නව ජනාධිපතිවරයා වන්නේ ජාතික ජන බලවේගයේ ජනාධිපති අපේක්ෂක අනුර කුමාර දිසානායක බව දැන් පැහැදිලි බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.
ඔහු X හි පළ කළ පණිවිඩයක සඳහන් කළේ “අපි සජිත් ප්‍රේමදාස වෙනුවෙන් දැඩි ප්රචාරක කටයුතු කළ නමුත් එය එසේ නොවීය.
අනුර කුමාර දිසානායක මහතා ශ්‍රී ලංකාවේ නව ජනාධිපතිවරයා වන බව දැන් පැහැදිලිය. ප්රජාතන්ත්රවාදයේ සහ හොඳ හිතේ හැඟීමෙන් මම මගේ මිතුරාට කතා කර ඉදිරි දුෂ්කර මාවතේ සුබපැතුම් එක් කළෙමි.