හර්තාලයට සම්බන්ධ වීමට අකමැති අයට ඇතැම් පිරිස් තර්ජනය කර තම ව්‍යාපාරික ස්ථාන විවෘත නොකරන ලෙසට බල කර ඇති බවට බුද්ධි අංශ දැනුම් දී ඇති බව පොලිසිය පවසයි.
ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසුවේ, එවැනි කඩාකප්පල්කාරී ක්‍රියාවල නිරත වන පුද්ගලයින්ට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බවයි.
සාමකාමීව උද්ඝෝෂණ සහ හර්තාලයේ යෙදීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනතාවට ලබාදී ඇති අයිතියට පොලිසිය ගරු කරන බවද ඔහු පැවසීය.
අන්‍යයන්ට අපහසුතාවයක් ඇති නොවන පරිදි මෙවැනි කටයුතුවල නිරත වන ලෙසත් රටේ නීතියට අනුව කටයුතු කරන ලෙසත් පොලිසිය වෘත්තීය සමිති, ශිෂ්‍ය ව්‍යාපාර කණ්ඩායම් සහ අනෙකුත් සංවිධානවලින් ඉල්ලා සිටියි.