හරක් කටාට පලායාමට කුමන්ත්‍රණය කළැයි පි සි. අත්අඩංගුවට

රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ සිටින සංවිධානාත්මක අපරාධකරුවකු මෙන්ම මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන. නදුන් චින්තක වික්‍රමරත්න නොහොත් හරක් කටා නැමැත්තාට  අත්අඩංගුවෙන් මිදී පලායාමට කුමන්ත්‍රණය සිදුකිරීම සම්බන්ධයෙන්  පොලිස් කොස්තාපල්වරයකු අත්අඩංගුවට ගත් බව ත්‍රස්ත මර්දන හා විමර්ශන කොට්ඨාසය කියයි

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ  අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අනුයුක්ත පොලිස් කොස්තාපල්වරයෙකි.

2023 සැප්තැම්බර් 10 වන දින   අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අත්අඩංගුවේ  සිටි නදුන් චින්තක වික්‍රමරත්න නොහොත්  හරක් කටා නමැති සැකකරු පොලිස් කොස්තාපල්වරයකුගේ සහයෝගයෙන්  එම දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරින් හට  රසායනික ද්‍රවයක් ශරීර ගත ගත කර ආරක්ෂාවට සිටි  පොලිස් විශේෂ කාර්ය බලකා සෙබළාගේ ගිණිය විය උදුරාගෙන  පලායාමට උත්සාහ කර තිබිණි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *