හම්බන්තොට වරායේ ඉන්ධන කාන්දුවක්

හම්බන්තොට වරාය වෙත පැමිණ තිබූ වාණිජ නෞකාවකට ඉන්ධන සැපයීමේදී එහි ඉන්ධන කාන්දුවක් සිදුවී තිබේ.

ඉකුත් 11වනදා සවස 6ට පමණ එම ඉන්ධන කාන්දුව සිදුවී ඇති බව වාර්තා විය.

මේ පිළිබඳව අදහස් දක්වමින් හම්බන්තොට ඉන්ටර්නැෂනල් පෝර්ට් ස්විසස් සමාගමේ ප්‍රධාන විධායක රවී ජයවික්‍රම මහතා පැවසුවේ ක්ෂණික ක්‍රියාමාර්ග ගනිමින් තෙල් කාන්දුව මැඩපැවැත්වීමට පියවර ගත් බවය.

ඉදිරි දින කිහිපය තුළ අඛණ්ඩව සිදුකරන පිරිසිදු කිරීමේ කටයුතු අවසන් කිරීමට බලාපොරොත්තු වන බවද ඔහු වැඩිදුරටත් පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *