හම්බන්තොට මෙගාවොට් 150ක සූර්ය බලශක්ති උද්‍යානයක්

හම්බන්තොට, ගොන්නෝරුව සෝලාර් එනර්ජි පාක්හි මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය සංවර්ධනය වෙනුවෙන් විදුලිය මිලදී ගැනීමේ ගිවිසුමට අස්සන් තැබීය. .

මෙම ව්‍යාපෘතිය දේශීය සංවර්ධකයන් සහ ආයෝජකයන් 17 දෙනෙකු එකතුව ක්‍රියාත්මක කරන අතර මෙගාවොට් 10 බැගින් වන බලාගාර 13 කින්ද, මෙගාවොට් 5 බැගින් වන බලාගාර 4 කින් ද සමන්විත බවත් එම සියලුම ව්‍යාපෘතිවල සමස්ත ධාරිතාවය මෙගාවොට් 150 ක් බවත් විදුලිබල හා බලශක්ති අමාත්‍ය කාංචන විජේසේකර මහතා පැවසීය.

විදුලිබල මණ්ඩලයේ සම්මත විදුලිය මිලදීගැනීමේ ගිවිසුම යටතේ නව ව්‍යාපාර ව්‍යුහයකින් ඇමරිකානු ඩොලර් මිලියන 150ක ආයෝජකකින් මෙම ව්‍යාපෘතිය, එයට අවශ්‍ය සම්ප්‍රේෂණ පහසුකම් සහ ජාල පද්ධතිය ද ආයෝජකයා සංවර්ධන කරන බවත් මෙම වසරේ මැයි මසදි ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමට බලාපොරොතු වන අතර විදුලිබලය 2025 වසරේ මැද භාගය වන විට ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමට බලාපොරොත්තු වන බවත් අමාත්‍යවරයා කීය.

විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර, රාජ්‍ය අමාත්‍ය ඉන්දික අනුරුද්ධ සහ විදුලිබල මණ්ඩලයේ, සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීන් සහ ආයෝජකයන් ද මෙම අවස්ථාවට එක්වූහ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *