හදිසියට ගෙනා බෙහෙත් තිස් අටෙන් දහයක්ම වැඩකට නැති ඒවා

උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වන බව පවසමින් වෛද්‍ය සැපයුම් අංශය  සැවොරයිට් සමාගමට  ඇණවුම්  ඉදිරිපත් කර ඇති  ඖෂධ තිස් අටෙන් දහයක්ම අත්‍යවශ්‍ය ඖෂධ නොවන බව ජාතික විගණන කාර්යාලය පවසයි.

ඒ සඳහා වැය කිරීමට අපේක්ෂිත මුදල ආසන්න වශයෙන් රුපියල් කෝටි28කට  ආසන්න බව  සඳහන්වේ.

වෛද්‍ය සැපයීම්වල දැනට පවතින තොග අවදානම් මට්ටමක පවතින බවත් ඉදිරි සති තුනක කාල සීමාවේදී රටේ උග්‍ර වෛද්‍ය සැපයුම් හිඟයක් නිර්මාණය වීමේ දැඩි අවධානයක් පවතින බවත් ශල්‍යාගාර  ක්‍රියාකාරීත්වය මුළුමනින්ම අක්‍රිය කරනු ඇතැයි අපේක්ෂා කරන බවත් පවසමින් මෙම ඖෂධ ආනයනය කර තිබිණ.

හදිසි තත්ත්වයක් මත එම සමාගමෙන් ඖෂධ ආනයනය කරන බවට වෛද්‍ය සැපයුම් අංශය 2022 ඔක්තෝබර්25 වැනිදා කැබිනට් මණ්ඩල සංදේශයක් මගින් අමාත්‍ය මණ්ඩලයට කරුණු දක්වා තිබූ බවද විගණන වාර්තාවේ දැක්වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *