සෞඛ්‍ය සේවකයින්ට තෙවන එන්නත් මාත්‍රාවක් දීමට තීරණයක්

සෞඛ්‍ය ක්ෂේත්‍රයේ සියලු සේවකයින් සඳහා තෙවන මාත්‍රාවක් ලබාදීම සම්බන්ධයෙන් එකඟතාවකට පැමිණ තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ රජයේ වෛද්‍ය නිලධාරින් සංගමය අතර ඊයේ පස්වරුවේ පැවැති සාකච්ඡාවකදී එම එකඟතාවයට පැමිණි බව එම සංගමය සඳහන් කළේය.

පවතින කොවිඩ් -19 වෛරස ව්‍යාප්තිය හමුවේ සෞඛ්‍ය සේවකයින් වෛරසයට ගොදුරුවීමේ වැඩි අවදානමක් පවතින බවට එහිදී රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පෙන්වා දී තිබේ.

මේ හේතුවෙන් ඔවුන් සඳහා තෙවන එන්නත් මාත්‍රාවක් ලබාදීමට අවධානය යොමු කරන ලෙස එම සංගමය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව සඳහන්ය.

දෙවන එන්නත් මාත්‍රාව ලබාගෙන මාස 05ක කාලයක් ගත වූ පසු තෙවන එන්නත් මාත්‍රාව ලබාදීමට එහිදී එකඟතාවට පැමිණි ඇති බව වාර්තා වේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *