පරිපූරක හා අතුරු වෛද්‍ය සේවාවන්වල වෘත්තිය සමිති ආරම්භකර තිබූ වැඩවර්ජනය අවසන් කිරීමට එම සමිති තීරණයකර තිබේ.
අද දහවල් සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සමඟ පැවති සාකච්ඡාවකින් අනතුරුව එම වැඩවර්ජනය අවසන්කිරීමට ඔවුන් තීරණයකළ බව පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බල මණ්ඩලයේ සභාපති රවී කුමුදේශ් මහතා සඳහන් කළේය.