සෞඛ්‍ය කේෂ්ත්‍රයට AI තාක්ෂණය

සෞඛ්‍ය කේෂ්ත්‍රයේ කටයුතු සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීමේ අවශ්‍යතාව මතුව ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා පවසයි.

ඒ අනුව වෛද්‍ය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සඳහා කෘතිම බුද්ධිය භාවිත කිරීම උපකාරී වන බව ඔහු පෙන්වා දෙයි.

“කෘතිම බුද්ධිය කියන එක දැන් යථාර්ථයක් වෙලා ඉවරයි. එය නොසලකා හරින්න හැකියාවක් නෑ. ඒ වගේම සෞඛ්‍ය කේෂ්ත්‍රයට හා වෛද්‍ය අධ්‍යාපනයට කෘතීම බුද්ධියෙන් ඉතාමත් ප්‍රයෝජන තියෙනවා. එය නොසලකා හරින්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒ වගේම වෛද්‍ය විද්‍යාවේ ගුණාත්මකභාවය වැඩිකරන්න සත්කාරක සේවාවල කාර්යක්ෂමතාවය හා ගුණාත්මකභාවය වැඩිකරන්න දැනට තොරතුරු තාක්ෂණයේ දියුණුවත් එක්ක තොරතුරු ප්‍රමාණය ඉතාමත් වේගයෙන්ම වැඩිවෙලා. ඒ නිසා තනි පුද්ගලයෙකුට ලෝකයේ තොරතුරු සියල්ල ගැන දැනුමක් ලබාගන්න අපහසුයි. ඒ වගේ අවස්ථාවක කෘතිම බුද්ධියෙන් විශාල ප්‍රයෝජනයක් ලබාගන්න පුළුවන්.”

කෘතිම බුද්ධිය මෙරට සෞඛ්‍ය සේවා හා ඒ ආශ්‍රිත සේවා තුළ භාවිතය සඳහා හඳුන්වාදීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති බවද මහාචාර්ය ඉන්දික කරුණාතිලක මහතා සඳහන් කළේය.

“සෞඛ්‍ය සේවකයින් කියන්නේ ජීවිත කාලය පුරාම ඉගෙන ගන්න අයට. එවැනි තත්ත්වයකිදී කෘතිම බුද්ධියෙන් ලැබෙන ප්‍රයෝජනය අතිශය විශාලයි. රොබෝ තාක්ෂණයෙන් රෝගීන්ට ප්‍රතිකාර කිරීමට. දුර පළාත්වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට කෘතිම බුද්ධිය යටතේ සේවා සැපයීමට පුළුවන්. ඒවා ඉදිරියේ දී සිදුකිරීමට බලාපොරොත්තු වෙනවා.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *