සෙවනගල වහන්න කිසිඳු අදහසක් නෑ

සෙවනගල සීනි සමාගම වසාදැමීමට ආණ්ඩුව කිසිඳු තීරණයක් ගෙන නොමැති මෙන්ම දේශීය සීනි කර්මාන්තය බිඳවැටීමට කිසිඳු ඉඩක් නොතබන බව කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා පැවසීය.

සෙවනගල සීනි සමාගම පිළිබඳව පසුගිය දිනවල පළවූ මාධ්‍ය වාර්තා සම්බන්ධයෙන් කරුණු පැහැදිළි කිරීමට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී  පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා එසේ පැවසීය.

ආණ්ඩුවේ වැඩපිළිවෙළ දේශපාලන වශයෙන් කඩාකප්පල් කිරීමට කිසිවකු හෝ උත්සහ කරන්නේ නම් එයට එරෙහිව තීන්දු ගැනීමට නොපැකිළිව කටයුතු කරන බවත් ලංකා සීනි සමාගම හුදෙක්ම සීනි නිෂ්පාදනය පමණක් නොව ගොවී ජනතාව ලක්‍ෂ දෙකක් සහ පවුල් 5000 ක පමණ රැකියා ආරක්‍ෂා කරන බවත් ඒ මහතා කීය.

දේශපාලන උවමනාවක් මත සකස් කළ මිලක් ලෙස ගොවීන්ට මෙටි්‍රක්ටොන් එකකට රුපියල් 10,000 ක් ගෙවන අතර එය ගෙවීමට නම් අතුරු නිෂ්පාදනයක් ලෙස ලැබෙන ‘එතනෝල්’ අළෙවි කිරීමට සිදුව ඇති බව කී අමාත්‍ය සුනිල් හඳුන්නෙත්ති මහතා අරක්කු නිෂ්පාදනය කරන සාමාගම්වලට රුපියල් 800 ක මිලට හෙට සිට ‘එතනෝල්’ අළෙවි කරන බව ද පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *