සෙනසුරාදා කොළඹ ප්‍රදේශ හයකට පැය 09ක ජල කප්පාදුවක්

සති අන්තයේ කොළඹ ප්‍රදේශ කිහිපයකට පැය 09ක ජල කප්පාදුවක් පනවනු ලැබේ.

සෙනසුරාදා (18) රාත්‍රී 11 සිට ඉරිදා (19) පෙරවරු 08 දක්වා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය  පවසයි.

මෙම කාලය තුළ කොළඹ 09, 10,11,12,13, සහ 14 යන ප්‍රදේශවලට ජල සැපයුම අත්හිටුවනු ඇත.

නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *