සුළිකුණාටුවෙන් අයෙක් අතුරුදන් 4කට තුවාල.

බූරවි සුළිකුණාටුව දිවයිනෙන් ඈතට ගමන් කර තිබුනද නිවාස 15ක් සම්පුර්ණයෙන්  විනාශ කරමින් පවුල් 3,575කට අයත් පුද්ගලයන් 12,252ක් ආපදා තත්ත්වයට පත්කරවමින් එක් අයෙක් අතුරුදන් කරවා හතර දෙනෙකුට තුවාල කරවා ඇත.

තුවාල ලද පුද්ගලයන්  04 දෙනා  යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව ප්‍රදේශයේ පදිංචි අයවලුන් වන අතර අතුරුදන්ව ඇති පුද්ගලයා චුන්නාකම් ප්‍රදේශයේ  පුද්ගලයෙකුවේ.

හානි වූ නිවාස අතර.

මන්නාරම දිස්ත්‍රික්කයේ නිවාස 06ක්, යාපනය දිස්ත්‍රික්කයේ නිවාස 152ක්, කිලිනොච්චිය දිස්ත්‍රික්කයේ නිවාස 09ක්, මුලතිව් දිස්ත්‍රික්කයේ නිවාසයක්,    වව්නියාව දිස්ත්‍රික්කයේ නිවාස 05ක්,    උතුරු පළාත තුළ නිවාස 173කට අර්ධ හානි සිදුවී තිබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *