සීත කාමර වල සිට සංවර්ධන කරන යුගය ඉවර කළා -අමාත්‍ය ප්‍රසන්න

සීත කාමරවල සිට සංවර්ධන ව්‍යාපෘති  කිරීමේ ප්‍රතිපත්තියෙන් වත්මන් ආණ්ඩුව ඉවත් වී ඇති බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.

ජනතාවගේ අදහස් ලබා ගනිමින් ජනතා අවශ්‍යතාවය මත පමණක් සංවර්ධන ව්‍යාපෘති සිදු කරන බවද රණතුංග මහතා කීය.

ඒ අනුව සෑම ගම්මානයක්ම සංවර්ධනය කිරීම ආණ්ඩුවේ ප්‍රතිපත්තිය බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ බව කීවෙි කෑගල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී “කදුකර දශකය” සංවර්ධන වැඩසටහන පිළිබඳව නිළධාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවට  සහභාගී වෙමින්.  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී එම රැස්වීම පැවැත්විණි.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *