සිසුවා ඝාතනය සිසුන් 11 අධිකරණයට

හෙල්මට්වලින් පහර දී පාසල් සිසුවකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවන් 2දෙදෙනකු අප්‍රේල් 29 දක්වා රක්ෂිත බන්ධනාගාර කිරීමටත් වයස අවුරුදු 18ට අඩු තවත් සැකකරුවන් 6 දෙනකු අප්‍රේල් 29 දක්වා ගම්පොල ළමා නිවාසයක් භාරයේ තැබීමටත් පිලැස්ස මහේස්ත්‍රා ඩබ්ලිව්.එම්.එස්.එල් දසනායක මහත්මිය  නියෝග කළාය.

වෙලගෙදර පොලිස් වසමේ රිදීගම අංහංදිය ප්‍රදේශයේ දී පුද්ගලික ආරවුලක් මත සිදු වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් පිරිමි ළමයකුට තවත් පිරිමි ළමුන් කිහිප දෙනකු එක්ව පසුගිය 16 වැනි දා  අතින් පයින් හා හෙල්මට් එකකින් පහර දී බරපතළ තුවාල සිදුකර තිබුණි.

සිද්ධියෙන් බරපතල ලෙස තුවාල ලැබූ පිරිමි ළමයා කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී   මිය ගියේය.

එලෙස මියගොස් ඇත්තේ සැකරලියා වත්ත, හැවන්පොළ ප්‍රදේශයේ පදිංචි ජෝශප් තිළිණ විරාජ් නමැති වයස අවුරුදු 16ක පාසල් වියේ පසුවන පිරිමි ළමයෙකි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *