සිවු පුද්ගලයින් ඝාතනය කළ ගිනි අවිය සොයා ගනී.

පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් තංගල්ල නාකුළුගමුව  ප්‍රදේශයේ නිවසක් පිටුපස ඉඩමක වලදමා තිබූ T56 වර්ගයේ ගිනි අවියක් සහ ඊට භාවිත කරන උණ්ඩ 13ක් සොයාගෙන තිබේ.

සුපුන් බුද්ධික නොහොත් වලස්ගල සුපුන් නැමැත්තාගේ ඉඩමට ආසන්න ඉඩමක වලදමා තිබියදී ඒවා සොයාගෙන ඇත.

වලස්ගල සුපුන් නැමැත්තා මේ වනවිට රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර ඔහු 2018 වසරේ කුඩාවැල්ල ධීවර වරාය ආශ්‍රිතව සිව්පුද්ගල ඝාතන සිදුකළ සැකකරු බවට වාර්තා වෙන බව පොලීසිය පවසයි.

මෙම සොයාගත් ගිනිඅවිය එම ඝාතන සිද්ධිය සඳහා යොදා ගැනීමෙන් අනතුරුව සඟවා තබා ඇති බවට වාර්තා වෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය.

මේ අතර මාලබේ ප්‍රදේශයේ දී ද පිස්තෝලයක් සහ උණ්ඩ 7ක් සමග ඊයේ පුද්ගලයෙකුව අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *