සිවුදෙනකුගේ කැබිනට් මණ්ඩලයක්

නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සිවු දෙනෙක්ගෙන් යුත් කැබිනට් මණ්ඩලයක් පත්කරන බවත් එය ඉදිරියේදී පත්කිරීමට නියමිත බවත් ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මනත්‍රී ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය අද (23) පැවසුවාය.

අනුර කුමාර දිසානායක මහතා ජනාධිපති ධූරයේ දිවුරුම් දීමෙන් පසුව අදහස් දක්වමින් හරිනි අමරසූරිය මෙනවිය එසේ පැවසුවාය.

එම පත්කිරීම් ඊයේ සිදුනොවන බව කී අමරසූරිය මෙනවිය අගමැතිවරයා පත්කිරීම ද ඉදිරියේදී වනු ඇති බව කීවාය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *