සිවිල් නඩු විධාන පනත සම්මතයි

සිවිල් නඩු විධාන සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී  ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව සම්මත විය.

පනත් කෙටුම්පත දෙවන වන කියවීමේ විවාදය ඊයේ(23) පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා පැවැත්වූණු  අතර ඉන් පසු එළැඹි කාරකසභා අවස්ථාවේදී පනත් කෙටුම්පතට සංශෝධන ඉදිරිපත් කෙරිණ

සිවිල් නඩු විධාන සංග්‍රහයේ වගන්ති සංශෝධනය කිරීම සඳහා අධිකර‍ණ, බන්ධනාගාර කටයුතු හා ආ‍ණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය  විජේදාස රාජපක්ෂ මහතා  එම පනත් කෙටුම්පත පසුගිය  මැයි 13 දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය.

මේ අතර අධිකරණ සංවිධාන පනත යටතේඅංක 2360/22 සහ 2371/13 දරන අතිවිශේෂ ගැසට් පත්‍රවල පළ කරනු ලැබූ නියෝග සදහාද  පාර්ලිමේන්තුවේ අනුමැතිය හිමිවිය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *