සිවිල් ගුවන් සේවායට නව අධ්‍යක්ෂවරයෙක්

ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ නව අධ්‍යක්ෂ ජනරාල්වරයා සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස එයාර් වයිස් මාර්ෂල්  එච්.එම්.එස්.කේ.බී. කොටකදෙණිය මහතා කැබිනට් මණ්ඩලයේ නිර්දේශය මත වරාය, නාවික කටයුතු සහ ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් එම අමාත්‍යාංශයේ දී  පත් කර තිබේ .

මෙම අවස්ථාවට එම අමාත්‍යාංශයේ ලේකම් කේ.ඩී.එස්.රුවන්චචන්ද්‍ර මහතා ද සහභාගී වී සිටියේය .

එයාර් වයිස් මාර්ෂල් කොටකදෙණිය මහතා කොළඹ විශ්ව විද්‍යාලයේ ජාත්‍යන්තර අධ්‍යයනය පිළිබඳව සහ ඉන්දියාවේ මදුරාසි විශ්ව විද්‍යාලයෙන් ආරක්ෂාව සහ උපාය මාර්ගිකාඅධ්‍යයනය පිළිබඳව ද පශ්චාත් උපාධි හිමි කර ගෙන තිබේ .

මීට අමතරව ඇමෙරිකා එක්සත් ජනපදයේ සහ චීනයේ ආරක්ෂක විශ්ව විද්‍යාල වලට වැඩිදුර අධ්‍යාපනය ලබා තිබේ .

මීට පෙර ශ්‍රී ලංකා සිවිල් ගුවන් සේවා අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් සහ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස සේවය කළ පී.ඒ.ජයකාන්ත මහතා පසුගිය දා  විශ්‍රාම ගෙන තිබුණි .

Leave a Reply

Your email address will not be published. Required fields are marked *