සිරකරු සිද්ධියට අධිකරණ ලේකම් CIDයට?

ජනාධිපති පොදු සමාව අවභාවිත කරමින් සිරකරුවන් නිදහස් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරිය ඇතුළු තවත් රජයේ ඉහළ නිලධාරීන් කිහිප දෙනෙකුගෙන්ද ඉදිරියේදී  ප්‍රකාශ  සටහන් කර ගැනෙනු  ඇතැයි මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු නියෝජ්‍ය මාධ්‍ය නීතිඥ  සුනිල් වටගල මහතා පැවසීය.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතනයක් හෙයින් ඇයටද මෙහිදී  යම් වගකීමක් තිබෙන බව ඔහු සඳහන් කළේය.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරිය මේ දිනවල එම කටයුතු වල නියැලී සිටින බව පවසන නියෝජ්‍ය අමාත්‍යවරයා මෙහි අලගිය තැන්  මුල ගිය තැන් සියල්ල අනාවරණය කරගන්නා බවද ප්‍රකාශ කළේය.

මෙම පරීක්‍ෂණවලදී අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරියටද කට උත්තරයක් ලබාදීමට සිදුවනු ඇතැයිද  අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතනයක් හෙයින් ඇයටත් වගකීමක් ඇතැයිද  ඔහු සඳහන් කළේය.

මෙම පරීක්ෂණ තවත් කිහිප දෙනෙකු අතරට දෝලනය වනු ඇතැයි ද මට කළ මහතා පැවසීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *