තමා ජනාධිපතිවරයා බවට පත්වුව හොත් රටේ සියලු පාසල් සුහුරු පාසල් බවට පරිවර්තනය කරන බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු ප්‍රකාශ කළේ, ජනතාව මේ වසරේ දී නිවැරදි තීන්දුව ගනු ලැබුව හොත් සමගි ජන බලවේගය මෙරට අධ්‍යාපනයේ සාධනීය විප්ලවයක් ඇති කරන බවයි.
තිස්සමහාරාම – තෙළුල්ල කනිෂ්ඨ විද්‍යාලයේ පැවති උත්සවයකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව සඳහන් කළේ ය.