සියලු කොටස් මිල ඒකක 17,000 පනී

කොළඹ කොටස් වෙළෙඳපොළ ඉතිහාසයේ පළමු වරට සියලු කොටස් මිල දර්ශක අගය ඒකක 17,000 සීමාව ඊයේ(23) පසු කළේය.

සියලු කොටස් මිල දර්ශක ඊයේ(23) දහවල් ඒකක 17,000 සම්පූර්ණ කළ බවත් දහවල් 1.00 ට පමණ සියලු කොටස් මිල දර්ශක ඒකක 17,004 ආසන්න වී තිබූ බවත් කොටස් වෙළෙඳපොළ ප්‍රධාන නිලධාරියෙක් පැවසීය.

සියලු කොටස් මිල දර්ශක ඒකක 17,000 ක් වවන විට සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 6.76 ක් හෙවත් රුපියල් කෝටි 676 ක් බවට පත්ව තිබූ බව ද එම නිලධාරියා කීය.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *