මෙරට වාර්ෂිකව සිදුවන මරණවලින් 80% කට හේතුව බෝ නොවන රෝග සහ එහි සංකූලතා බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි.
සෞඛ්‍ය ලේඛනවලට අනුව මෙරට වයස අවුරුදු 35ට අඩු ජනගහනයෙන් 15% ක් දියවැඩියාවෙන් සහ 35% ක් අධිරුධිර පීඩනයෙන් පෙළෙන බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
එම තත්ත්වයට ප්‍රධාන හේතුව ව්‍යායාමවල නොයෙදීම බව සමීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
සෞඛ්‍ය අමාත්‍යාංශ පරිශ්‍රයේ ස්ථාපිත කරන ලද ශරීර සුවතා ඒකකය සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා විසින් පසුගියදා විවෘත කළ අතර ඉදිරියේදී මෙවැනි ශරීර සුවතා ඒකක රජයේ රෝහල් ආශ්‍රිතව ද ස්ථාපිත කිරීමට සැලසුම් කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේය.