සිකුරාදා මදුරු මර්දන සඳහා වෙන් කෙරේ – ජාතික ඩෙංගු මර්දන ඒකකය

මදුරු මර්දනය සඳහා සෑම සතියකම සිකුරාදා දිනයක් වෙන් කිරීමට යෝජනා කර ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. එහි අධ්‍යක්ෂ වෛද්‍ය නලින් ආරියරත්න ඊයේ මාධ්‍ය වෙත ප්‍රකාශ කළේ සිකුරාදා මදුරු මර්දන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට පාසල් මට්ටමින් කමිටු පත් කරන බවයි.

මේ වසරේ මේ දක්වා දිවයිනෙන් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 62,711 ක් වන අතර වැඩිම රෝගීන් සංඛ්‍යාව (30,500) බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇති බව ද ඔහු පැවසීය. මේ වසරේ මේ දක්වා ඩෙංගු මරණ තිස් අටක් වාර්තා වී තිබේ.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *